තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය


 lankahotnews.org
තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත.  http://www.wfdy.org/

ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ.
වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශන දෙස අවධානය යොමු කිරීමේදී මේ බව වඩා තහවුරු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් නොවැ. 21 දින ඉදිරිපත් කරන ලද 2012 අයවැයද එම තත්වයන් වඩා තහවුරු කරමින් තිබේ. එම අයවැය මගින් ලංකාවේ තරුණයින්ට සහ වැඩකරන ජනතාවට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රධාන ප්‍රශ්නයක් වන තරුණයින්ගේ රැකියා ප්‍රශ්නය සම්පූර්ණයෙන් අමතක කර දමා තිබේ.
එම තත්වයන්ට විරෝධය පලකරමින් අප සංවිධානයේද සාමාජිකත්වය දරන සමාජවාදී තරුණ සංගමය විසින් මුදල් අමාත්‍යාංශය දක්වා ගිය විරෝධතා පාගමනට ශ්‍රී ලංකා පොලිසිය විසින් කෘර ලෙස පහරදී තිබෙන අතර ඉන් තරුණයින් 15 අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් එම විරෝධතා ව්‍යාපාරය අති සාර්ථක වූ බවද අප සංවිධානයට වාර්තා වේ.
කෙසේ වෙතත් මෙය එක් උදාහරණයක් පමණක් වන අතර ලෝකය පුරා සියලූ රටවල ජනතා අරගල මර්ධනය කිරීම සඳහා ලෝක ධනවාදය නොයෙක් ක්‍රියාමාර්ග තෝරමින් සිටී. මේ අවස්ථාව අප සහෝදර සමාජවාදී තරුණ සංගමයේ අරගලය සඳහා සුභපැතීමට යොදා ගන්නා අතර ඔහුන්ගේ සියළු අරගලයන් හා එකපෙළට සිට ගන්නා බවද ප්‍රකාශ කර සිටිමු. මෙම සියළු අරගලයන් ලෝකවාසී ජනතාවගේ අයීතීන් වෙනුවෙන් සිදුකරන අතර සියළු මර්ධනයන් හමුවේ නොසැලී එම තත්වයන්ට මුහුණ දීමට අප සංවිධානය සූදානමින් සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කරමු.

රජරට වෛද්‍ය පිඨ අර්බුදයට විසදුම ශිෂ්‍ය සංගමය තහනම් කිරීමද?


 lankahotnews.org
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රජරට වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති තහනම් කිරීම සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීම
බරපතල ගැටලුවක් බවයි.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පුහුණුව 2011 මැයි මස 9 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුනත්. එයට අවශ්‍ය මහාචාර්ය ඒකකය( විශේෂඥ වෛද්‍යවරු හා මහාචාර්ය ‍වෛද්‍යවරු සිටින රෝහලක්) තවමත් කිසිදු ඉදිකරීම් කටයුත්තක් සිදු නොකර බිත්ති වලට පමණක් සීමා වී තිබුණි. මේ වන විට රාගම, කරාපිටිය හා කොළඹ යන වෛද්‍ය  පීඨවල සිසුන් සායනික පුහුණුව ආරම්භ කර තිබුණත්  මෙම මහාචාර්ය ඒකකය නොමැති වීම නිසා තම සායනික පුහුණුව කල් ගතවිය. එම ශිෂ්‍ය සංගම් නියෝජිත ඒ. ඩී. පී. බණ්‌ඩාර ශිෂ්‍යයා පැවසුවේ රජරට සිසුන් සමඟ 2006වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍යපීඨයට ඇතුළත් වූ සිසුන් මේ වනවිට වෛද්‍ය උපාධිය අවසන් කරසිටින අතර එම වසරේදී රාගම, කොළඹ, යාපනය යන වෛද්‍ය පීඨයන්ටඇතුළත්ව සිටින සිසුහු ලබන දෙසැම්බර් මාසයේ දී උපාධිය
සම්පූර්ණ කර ඇති බවයි.     රජරට වෛද්‍ය සිසුන් මෙම ගැටලුවට මුහුණ දී සිටින්නේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා  අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා යනුවෙනි.  මෙම ප්‍රශ්නය විසදනවා වෙනුවට ආණ්ඩුව කලේ සිසුන් හය දෙනෙකුගේ පන්ති තහනම් කර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීමයි.

දැනුම්දීමකින් තොරව බස් ධාවනයෙන් ඉවත් වෙනවා


lankahotnews.org
ලබන 14 වැනිදාට පෙර බස් ගාස්තු වැඩි කිරීමට රජය පියවර නොගත හොත් පෙර දැනුම් දීමකින් තොරව ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ‍මසක් ඇතුලත බස්
ගාස්තු වැඩි කරන බවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී.රත්නායක පොරොන්දු වූ බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට බරපතල සයිබර් ප්‍රහාරයක්


 lankahotnews.org
සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය
රජය සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
 මෙයට ප්‍රථම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධායේ දත්ත සර්වරයකින්ද දත්ත සොරකම්කොට තිබුනි. මොවුන් පවසා ඇත්තේ තමන් බැංකුවලින් සල්ලි හොරකම් කර ඒවා පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.එම සයිබර් ප්‍රහාරකයින් එය හඳුන්වා ඇත්තේද “ ඔපරේෂන් රොබින් හුඩ් “ නමිනි.

උපකුලපති ඉල්ලා අස්විය යුතුයි-ජපුර සිසුන්


 lankahotnews.org
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පාලනයට එරෙහිව (01) දින දහවල් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීය. අසත්‍ය චෝදනා මත පංති තහනම් කිරීම, නේවාසිකාගාර පහසුකම් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම්
මූලික කරගෙන උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධතාවක


 lankahotnews.org
සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය රජය
සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

 මෙයට ප්‍රථම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධායේ දත්ත සර්වරයකින්ද දත්ත සොරකම්කොට තිබුනි. මොවුන් පවසා ඇත්තේ තමන් බැංකුවලින් සල්ලි හොරකම් කර ඒවා පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.එම සයිබර් ප්‍රහාරකයින් එය හඳුන්වා ඇත්තේද “ ඔපරේෂන් රොබින් හුඩ් “ නමිනි.

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ප්‍රහාරයක්


න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය විනාශකාරී පරමාණු අවි නිපදවන හෙයින් අන්තර්ජාතික වශයෙන්
ඉරානයට පනවා ඇති සම්බාධක දැඩිකලයුතු යැයි බිතාන්‍ය පුන පුනා කල ප්‍රකාශයට විරෝධය පල කරමින්
ඉරාන විශ්වවිද්‍යල සිසුන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට
කඩාවැදී පහරදී ඇත. මෙහිදී ප්‍රහාරයට මුහුණදීගත නොහැකිවූ බ්‍රිතාන්‍ය තානාපති කාර්ය මණ්ඩලය ආරක්ෂක දොරෙන් පැන ගොස් ඇත. සිසුන් බ්‍රිතාන්‍ය ධජ පුළුස්සමින් කාර්යාලයට හානිකලේය. මෙම ප්‍රහාරය දැඩි ලෙස බ්‍රිතාන්‍ය රජය හෙලා දැක ඇති අතර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබේ. ඉරානයේ පරමාණු බෝම්බ නිපදවන බව එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටියේය. මීට වසර කිහිපයකට පෙර සිටම ඇමෙරිකාව ප්‍රම්‍රඛ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් ඉරානයට සම්බාධක පනවා තිබුණු අතර මෙම සිද්දියේදී ඉරානය පහරදීම සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කොට තිබේ.








ලෝක බැංකුව ශ්‍රී ලංකා අධ්‍යාපනයට අතහිත


lankahotnews.org
මෙරට ප‍්‍රාථමික සහ ද්වීතීක අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ශී‍්‍ර ලංකාවට ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම ණය මුදලින් මෙරට පාසල් පද්ධතිය ජාතික මට්ටම දක්වා දියුණු කිරිමට වැඩසටහන්
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතිනවා. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හා එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටයි දැනට සැලසුම් කර ඇත. ඒ යටතේ වයස අවුරුදු 6 ත්  10 ත් අතර දරුවන්ගේ ප‍්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීමට බලාපොරොත්තු වනවා.

ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන රජයට පවරාගැනීමට පෙර ආණ්ඩුවට එකතු වුනා


lankahotnews.org
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු
අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය. ව්‍යාපාරිකයින් දේශපාලනයට පැමිණි විට මෙවැනි තත්ත්වයන් මතුවන බව අද(01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජයසේකර මහතා සඳහන් කළේය.

මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන ඌන උපයෝජන පනත යටතේ පවරාගැනීමේ උත්සාහයක් පැවතියේ දැයි නොදන්නා බවත්, දරුවන්ගේ අනාගතය කෙසේවුවද තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ග්‍රේරු මහතා තීරණයක් ගෙන ඇති බව ද ජයසේකර මහතා පෙන්වාදුන්නේය. එය නින්දා සහගත සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද, එම ක්‍රියාව අනුමත නොකරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

නමුත් ආණ්ඩුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක්වීම සමග අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වර්ධනයක් ඇතිකල හැකි බව  අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව දැන් නිවැරදි මග යමින් සිටිනවා


lankahotnews.org
දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ජපාන තානාපති නිවසේදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දක්වමින් යසුෂි අකාෂි මෙසේ පැවසීය. "සංහිදියාව සඳහා වගවීමේ ක්‍රියාවලිය ඉතාම හොඳයි. සියුම් ලෙස සංහිදියාව පිළිබඳ අර්ථ දැක්වුවහොත් වගවීම යනු
වෙනම කොටසක්. නමුත් නියම සංහිදියාවක් සඳහා මූලිකත්වය ගන්නවා. ජාතික මුල පිරීමක් ඉතාම වැදගත් සේම ඉතාම ඵලදායි ජාත්‍යන්තර මුලපිරීමකට වඩා. දෙවැන්න තමයි එලෙස ජාතික ප්‍රවේශයකදී ජාත්‍යන්තර ප්‍රමිතීන් හා ප්‍රතිපත්ති පිළීබඳ සළකා බැලිය යුතුයි. තෙවැන්න සම්පූර්ණ ක්‍රියාවලියට අවසාන ප්‍රතිළුලයක් තිබිය යුතුයි"

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවා දමනවා


lankahotnews.org
මේ මස 15 වෙනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.
 නිමා වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙතෙක් මුදල් ගෙවීම් සිදු කර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දුන් මූල්‍ය අර්බූදය
ඊට හේතු වූ බව අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, එම ගෙවීම් සඳහා රුපියල් මිලියන 347ක් වෙන් කර ඇති බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයි, ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස්

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස්  සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.
පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු ‍ප්‍රහාර නිසා සමාජවාදී තරුණ සංගමයේ තිදෙනෙකුට තුවාල සිදීවී ඇතියි ද ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ
 වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ පවසයි.සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපෑමත් අයවැයෙන් තරැණයන් අමතක කිරීමත් හේතුකොටගෙනය. සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව,ලේක්හවුස් හා ඒ අවට ප්‍රදේශය තුළ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.







ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක


 lankahotnews.org
මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ  (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය
රැක ගැනීමටයි.  මෙය සනාත වූයේ 29 ප.ව.3.00ට ජවිපෙ මධ්‍යමකාරක සභාව පවැත්වීමට යොදාගත් මෙහොතේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී දේශණයක් සූදානම් කොට තිබීමත්  ජවිපෙ කට්ටිවාදී ජී කුලරත්න 29උදේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ඉදිරියේ ඇති තම පක්ෂ සාමාජිකත්වය කිසිසේත්ම අවලංගුවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමෙන්ය. අදියර 5න් ජවිපෙ බලය ඇල්ලීම අවසන්වී ඇති අතර දැන් පුද්ගලිකව තම තමන්ගේ සාමාජිකත්ව රැක ගැනීමේ මෙහෙයුම අරඹා ඇති අතර එය අදියර 6කින් ක්‍රියාත්මක වන බවත ජවිපෙ කට්ටිවාදී ආරංචි මාර්ග ප්‍රකාශවේ. ඒ සදහා පලමු අදියර මධ්‍යම කමිටු දිනයට කෙසේ හෝ පැලවත්තට පැමිණීම අනිවාර්යය කොට ඇත.
කෙසේ නමුදු ජවිපෙ ඊයේ (29) පැවැති මධ්‍යම කාරක සභාව විසින් මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගත් බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එනම් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින්  එහි නායකත්වය සහ ජවිපෙ විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වල හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම නැවැත්වීම, මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේදී හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී පක්ෂයේ නිසි අවසරයක් සහිතව එම ප්‍රකාශ සිදුකිරීම, ජවිපෙ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝණය කරන අය පිළිබද සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට විජිත හේරත්, ජිනදාස කිතුලේගොඩ, ලක්ෂ්මන් නිපුණආරච්චි යන මධ්‍යම කමිටු සාමාජිකයින්ගෙන් සමන්විත විනය කමිටුවක් පත්කිරීම එම තීරණ 03යි. 

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැති මධ්‍යමකාරක සභාවට ජවිපෙන් ඉවත්ව ගොස් සිටින මධ්‍යමකාරක සභිකයින්ට ආරාධනා කර තිබූ අතර ඔවුන් පැමිණියත් එම රැස්වීමට සහභාගි නොවූ බවත්  ඔවුන්ට එම මධ්‍යම කාරක සභාවට සහභාගී වී සාකච්ඡා කිරීමේ අරමුණක් නොතිබු බවත් ප්‍රකාශ කළේය.

ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි


lankahotnews.org
හදිසි ආපදා අවස්ථාවකදී වාහන නතර කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙන්කර ඇති මංතීරුවේ හේතුවක් නොමැතිව වාහන නතර තරන රියදුරන්ට රුපියල් 5000ක දඩයක් නියම කොට ඇත. ආපදා මංතීරුවේ සිට අවට සිරි නරඹන පිරිස්
වැලැක්වීම මෙහි අරමුණ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අමතරව ආශ්චර්යමත් පිවිසුම අපවිත්‍ර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට වෙනම වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි
 
dickens 2012 © 2011 | Designed by Ibu Hamil, in collaboration with Uncharted 3 News, MW3 Clans and Black Ops