Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවා දමනවා


lankahotnews.org
මේ මස 15 වෙනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.
 නිමා වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙතෙක් මුදල් ගෙවීම් සිදු කර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දුන් මූල්‍ය අර්බූදය
ඊට හේතු වූ බව අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, එම ගෙවීම් සඳහා රුපියල් මිලියන 347ක් වෙන් කර ඇති බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයි, ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
 
dickens 2012 © 2011 | Designed by Ibu Hamil, in collaboration with Uncharted 3 News, MW3 Clans and Black Ops